FAST NEWS

24×7 Around the Globe

දිවයින පුරා සියලුම රෝහල්වල වෛද්‍යවරු අද වැඩ වර්ජනයේ…

ඉල්ලීම් පහක් මුල් කර ගනිමින් දිවයින පුරා සියලුම රෝහල්වල අද (30) උදෑසන 8.00 සිට හෙට (01) උදෑසන 8.00 දක්වා විසිහතර පැයක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ‍ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා ඊයේ (29) මාධ්‍ය වෙත පැවසීය.

වර්ජනය ක්‍රියාත්මක කාලය තුළ සිය ඉල්ලීම් සඳහා රජය විසඳුම් ලබා නොදුනහොත් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බවද හෙතෙම අවධාරණය කළේය.

පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2017 අයවැය යෝජනා තුළින් රාජ්‍ය සේවකයින්ට මෙන්ම වෛද්‍යවරුන්ට අසාධාරණකම් සිදුවන බැවින් එය යථා තත්ත්වයට පත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු සියලු බලධාරීන් ලිඛිතව දැනුම්වත් කළද විසඳුමක් නොලැබිම හේතුවෙන් මෙම වැඩ වර්ජනය ආරම්භ කරන බව ඔහු පැවසීය.