FAST NEWS

24×7 Around the Globe

දින තුනකට වඩා වර්ජනය කළොත් බස් බලපත්‍ර අත්හිටුවේ…

පෞද්ගලික බස් රථ සංගම් විසින් හෙට (01) සිට  ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති දීපව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයට සහයෝගය පළ කරමින් දින තුනකට වඩා ධාවනයෙන් ඉවත් වන බස් රථවල මාර්ග ධාවන බලපත්‍ර අත්හිටුවීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

අදාළ වර්ජනය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා කැබිනට් මණ්ඩලය හමුවේ කරුණු දක්වා ඇති බවත් කැබිනට් මණ්ඩලය මෙම තීරණය අනුමත කර ඇති බවද පැවසේ..

මගී බස් රථ බලපත්‍ර ලබාගැනීමට විශාල පිරිසක් ඉල්ලුම් කර ඇති බවද ප්‍රවාහන අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය දැනුම්වත් කර ඇති අතර ඒ අනුව අවලංගු කරන මගී බස් රථ බලපත්‍ර නිසි ක්‍රමවේදයක් ඔස්සේ එම ඉල්ලුම්කරුවන්ට ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමු කර ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.