FAST NEWS

24×7 Around the Globe

පාකිස්ථානය 138 කින් පරදා නවසීලන්තය 2- 0 ක ටෙස්ට් ජයක් ලබයි..

සංචාරක පකිස්ථාන කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ම ලකුණු 138කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද (29) අද සමත් විය.

එ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

තරගයේ පළමු ඉනිම සඳහා නවසීලන්ත කණ්ඩායම සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 271ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස පකිස්ථානය කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා ලබාගත හැකි වුයේ ලකුණු 216ක් පමණි.

ඒ අනුව ලකුණු 55ක් ඉදිරියෙන් පසු වු නවසීලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා ලකුණු 313ක් ලබා සිටියදී පන්දුවට පහරදීමේ අවස්ථාව පකිස්ථාන කණ්ඩායමට ලබාදුනි.

ලකුණු 368ක ඉලක්කයක් හඹා ගිය පකිස්ථාන කණ්ඩායමට සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 230ක් පමණි.