FAST NEWS

24×7 Around the Globe

රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට පැය 07 ක ජල කප්පාදුවක්…

අත්‍යවශ්‍ය ජලනල නවීකරණ කටයුත්තක් හේතුවෙන් හෙට(30) රාත‍්‍රී 10යේ සිට පසුදා අළුයම 05 දක්වා පැය 07ක කාලයක් රාජගිරිය ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, නාවල කොස්වත්ත සහ බණ්ඩාරනායකපුර යන ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

මීට අමතරව රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප‍්‍රධාන මාර්ගය සහ අතුරු මාර්ගවලද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.