FAST NEWS

24×7 Around the Globe

සරසවි සිසු විරෝධතා පාගමනක් නිසා නුවර පාරේ මංතීරුවක් වැසේ…

මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කැළණිය විශ්ව විද්‍යාලයෙන් පාගමනක් ආරම්භ කර ඇති වාර්තා වේ.

ඔවුහු කොළඹ කොටුව හරහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පැමිණෙමින් සිටින බව පැවසේ.

පාගමන හේතුවෙන් කොළඹ – නුවර මාර්ගයේ එක් මංතීරුවක වාහන ගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව පොලීසය පවසයි.