FAST NEWS

24×7 Around the Globe

දක්ෂිණ අධීවේගයේ බස් බලපත්‍ර සම්බන්ධ පෙත්සම විභාගයට ගැනේ..

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පෞද්ගලික බස් කිහිපයක බලපත‍්‍ර අහෝසි කිරීමට ජාතික ප‍්‍රවාහන කොමිසම ගත් තීරණයට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීන්දු කළේය.

විභාගය අවසන් වන තෙක් අහෝසි කළ මාර්ග බලපත‍්‍ර වෙනුවෙන් නව බලපත‍්‍ර නිකුත් කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීම වළක්වන අතුරු නියෝගයක්ද අධිකරණය විසින් නිකුත් කෙරුණි.