FAST NEWS

24×7 Around the Globe

සමෘද්ධි නිලධාරීන් බත්තරමුල්ලේ විරෝධතාවයක් – පාර්ලිමේන්තු මාර්ගය වැසේ..

දිවි නැගුම සේවකයින්ගේ වෘත්තීය ගැටලු විසඳීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සමෘද්ධි නිලධාරීන් පිරිසක් අද (29) බත්තරමුල්ල, දියත උයන ආසන්නයේ උද්ඝෝෂණයක් අරඹා ඇති බව වාර්තා වේ.

ඔවුන් විරෝධය පාමින් පාර්ලිමේන්තුව දෙසට යෑමට උත්සාහ කළද පොලිසිය මාර්ග බාධක යොදා එය වැළැක්වීමට කටයුතු කර ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

එ අනුව පාර්ලිමේන්තු වටරවුමේ සිට පාර්ලිමේන්තුව දෙසට මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ.