FAST NEWS

24×7 Around the Globe

බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් සමග ගුවන් යානයක් අනතුරට ලක් වෙයි…(update)

බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් රැගෙන ගිය ගුවන් යානයක් කොලොම්බියාවේදී අනතුරට ලක්වීමෙන් කිහිපදෙනෙකු මියගොස් 10 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් පුවත් සේවය වාර්තා කරයි.

අනතුරට පත්වන අවස්ථාවේදී එහි මගීන් හා කාර්ය මණ්ඩලයේ 80 පමණ  ගමන් කරමින් සිට ඇතැයි විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව වාර්තා කරන බී.බී.සී. පුවත්සේවය පවසන්නේ අනතුරෙන් කිසිවෙකු බේරී ඇත්දැයි පැහැදිලිව ප්‍රකාශ කළ නොහැකි බවයි. අනතුරට හේතුවද මෙතෙක් අනාවරණය වී නොමැත.

+++++++++++++++++++++

බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් සමග ගුවන් යානයක් අතුරුදන් වෙයි…(update)

බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් රැගත් ගුවන් යානාවක් අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වෙයි.

ඔවුන් දකුණු ඇමෙරිකා පාපන්දු ශුරතාවයේ අවසන් තරඟයට සහභාගී වීම සඳහා මෙඩලින් ගුවන් තොටුපල වෙත ගමන් කරමින් සිටින අතර තුර දී රේඩාර් පද්ධතියෙන් අතරුදහන් වී තිබේ.

අනතුරට පත්වන අවස්ථාවේ එහි මගීන් 80ක් පමණ සිටි බවට බලධාරීහු පවසති.

15239140_1712893729038457_1251338569_n