FAST NEWS

24×7 Around the Globe

බෙංගාල බොක්කේ අවපීඩනයෙන් හෙට සිට දින 03 ක් සුළං සමග තද වැසි..

බෙංගාල බොක්කේ අවපීඩන කලාපයක් වර්ධනය වීම හේතුවෙන් ගිනිකොන සහ නැගෙනහිර දෙසින් පිහිටි මුහුදු ප‍්‍රදේශවල හෙට (29) සිට දින 3ක් වැසි සහ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

දිවයිනට ගිනිකොන දෙසින් පොතුවිල් සිට කිලෝමීටර් 900ක් දුරින් මෙම අඩුපීඩන කලාපය වර්ධනය වී ඇත.

මුහුදු ප‍්‍රදේශයේ සුළං පැයට කිලෝමීටර් 80ක දක්වා වර්ධනය විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව කියයි.