FAST NEWS

24×7 Around the Globe

​ කාසියේ වාසිය පාකිස්තානයට

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව පාකිස්තාන නායක මිස්බා උල්හක් තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

කණ්ඩායම් දෙකම අද තරගයට එක්වන්නේ වෙනස්කම් කිහිපයක්ද සමගයි.

ඒ අනුව කුමාර් සංගක්කාර වෙනුවට උපුල් තරංගද, ආබාධයකට ලක් වූ දුෂ්මන්ත චමීර වෙනුවට සුරංග ලක්මාල් ද කණ්ඩායම නියෝජනය කරනවා.

අද (03) තරගයට රංගන හේරත් ක්‍රීඩා නොකරන අතර ඒ වෙනුවට කණ්ඩායමට කැඳවා ඇත්තේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්.

කිත්රුවන් විතානගේ වෙනුවට ජෙහාන් මුබාරක් කණ්ඩායමට කැඳවා තිඛෙනවා.

ආබාධයකට ලක් වූ වහාබ් රියාස් වෙනුවට පාකිස්තාන කණ්ඩායමට කැඳවා ඇත්තේ ඉම්රාන් ඛාන්.

පන්දු යැවීමේ ඉරියව් සම්බන්ධයෙන් යළි මතු වූ ගැටලූකාරි තත්ත්වයක් හේතුවෙන් මොහොමඩ් හෆිස්ද අද තරගයට සහභාගි වන්නේ නැහැ.