FAST NEWS

24×7 Around the Globe

දිවයින පුරා පුරන් කුඹුරු යළි අස්වැද්දීමේ වැඩපිළිවෙළක්…

 

දිවයින පුරා පවතින පුරන් කුඹුරු යලි අස්වැද්දීම සදහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ඒ අනුව, පුරන් කුඹුරු අස්වැද්දීම සදහා අක්කරයකට රුපියල් 25,000ක මුදලක් මෙන්ම වාරි පහසුකම් ද ගොවීන් වෙත ලබාදීමට තීරණය කර තිබේ.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ දැනට දිවයින පුරා අක්කර එක්ලක්ෂ 50,000කට වැඩි කුඹුරු සංඛ්‍යාවක් පුරන්ව පවතින බවයි.