FAST NEWS

24×7 Around the Globe

මාධ්‍යවේදීන්ට අවම වැටුපක් දීමට පනතක් ගෙනෙයි…!

මාධ්‍යවේදීන් සඳහා අවම වැටුපක් ස්ථාපිත කිරීමට අදාළව අණ පනත් සම්මත කිරීමට බලාපොරොත්තු වෙන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මාධ්‍ය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අද (28දා)  ප්‍රකාශ කළේය.

එම පනත් ගෙන ඒමේදී ඉන්දියාවේ උදාහරණ පිළිබඳව අවධානය යොමු කරන බවත් ඔහු පැවැසීය.

ස්වාධීන මාධ්‍ය නියාමන කොමිසමක් ස්ථාපිත කිරීම සඳහා මේ වන විට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවද ඔහු පැවැසීය.