FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකා ජනපතිවරණයේදී මිලියන ගණනක් නීති විරෝධිව ජන්දය දාලා…

ඇමෙරිකා ජනපතිවරණයේ මිලියන ගණනක් නීති විරෝධීව ඡන්දය භාවිත කළ බව ඇමෙරිකා නව ජනපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු මේ බව පැවසුයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක හිලරිගේ මැතිවරණ කමිටුව කොට්ඨාස කිහිපයක ඡන්ද නැවත ගණන් කළ යුතු බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය.

“නීතී විරෝධීව ඡන්දය භාවිත කරපු අයගේ මනාප ගණන අඩු කළොත් අනිවාර්යෙන් මම ජනප්‍රිය මනාප සටහනත් ජයගන්නවා“යැයි ට්‍රම්ප් මාධ්‍ය වෙත පැවසීය.

මනාප සටහන අනුව හිලරි ට්‍රම්ප්ට වඩා මිලියන දෙකකින් පමණ ඉදිරියෙන් සිටියාය.

නමුත් ඇමෙරිකා මැතිවරණ ක්‍රමය අනුව ජනපතිවරණය ජයගැනීමට ඡන්ද  කොට්ඨාස 270ක් ජයගත යුතුය.

ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් කොට්ඨාස 270 සම්පුර්ණ කර ජනපතිවරණය ජයගත්තේය.