FAST NEWS

24×7 Around the Globe

එස්.ටී.එෆ් හිටපු අණදෙන නිලධාරියාට ඇප…

පොලිස් විශේෂ බළකායට අයත් ජිප් රියක් අවභාවිතා කළැයි රිමාන්ඩ් බාරයේ සිටි එස්ටීඑෆ් හිටපු අණදෙන නිලධාරි  කේ.එල්.එම්.සරත්චන්ද්‍රට ඇප දීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.

එ අනුව ලක්ෂ 10 බැගින්  ශරීර ඇප දෙකක් නියම කළ අතර සෑම මසකම අවසාන ඉරුදින පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පෙනී සිටින අධිකරණය නියෝග කළේය.