FAST NEWS

24×7 Around the Globe

දෙසැම්බර් පළමු වැනිදා දුම්රිය සංකේත වැඩවර්ජනයක…

ප්‍රධාන කරුණු 04 ක් මුලික කර ගනීමීන් දෙසැම්බර් 01 වැනිදා පැය 24 ක  සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමීති සන්ධානය සඳහන් කරයි.

එ අනුව මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් දුම්රීය වෘත්තිය සමීති අතර අද (28) දිනයේදි පැවැත්වීමට නියමීත බවද එම සන්ධානය පවසයි.

සංකේත වර්ජනයට අදාළ කරුණු පහතින්.

*දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් පුද්ගලික අංශයට ලබාදීමට යෝජනාවක් ගෙන එම.

* දුම්රිය සේවයට අවිධිමත් ලෙස සේවකයින් බඳවා ගැනීම් සිදුකිරීම.

*දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට ඉහළින් දුම්රිය සංවර්ධන සභාවක් පිහිටුවීමට කටයුතු කිරීම.

* 2015 සිට රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුප අහිමිකරලීමට  කටයුතු කරමින් සිටින බව.