FAST NEWS

24×7 Around the Globe

ඌව පළාතේ වෛද්‍ය නිලධාරීන් අද පෞද්ගලික සේවයෙන් ඉවත් වෙයි…

 

ඌව පළාතේ රජයේ වෛද්‍ය නිලධාරීන් අද (28) දිනය තුළ පෞද්ගලික වෛද්‍ය සේවාවන්ගෙන් ඉවත් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය.

අය-වැය යෝජනාවලට ඇතුළත් යෝජනා 5ක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති අතර ඊට නිසි ප්‍රතිචාර ලබාගැනීම මෙහි අරමුණ බව එම සංගමය පවසයි.

රාජ්‍ය සේවකයන් ඉවත් කර රාජ්‍ය සේවය දියකර හැරීම, නිදහස් සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණය කිරීම, දුම්කොළ සමාගමෙන් මුදල් අනුග්‍රහය ගෙන ජනාධිපතිවරයාගේ දුම්වැටි විරෝධී අරමුදල තර කිරීම, වෘත්තීයවේදීන් මත අධික බදු පැනවීම, රැකියා වෙළෙඳ‍පොළ විදේශිකයන්ට විවෘත කිරීමට පියවර ගැනීම යන කරුණුවලට විරෝධය දක්වමින් මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සාකච්ඡාවක් ඉල්ලා ඇතැයි එම සංගමය පෙන්වා දෙයි.