FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මැද බව ජනපති කියයි..

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ජයග‍්‍රාහී පක්ෂයක් බවට පත්කිරීමට තමා සූදානම් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කළේය. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ සිට අභියෝග හමුවේ ඉදිරියට පැමිණ ජයග‍්‍රහණය කළ පක්ෂයක් බව පැවසූ ජනාධිපතිවරයා  එය ඉදිරියේදී ද එලෙසින්ම සිදුවන බව කියා සිටියේ ඊයේ (26) පෙරවරුවේ ගාල්ල නගර ශාලාවේ පැවති ගාල්ල දිස්ති‍්‍රක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහන අමතමිනි.

ලබන වසරේ මැද පැවැත්වෙන පළාත් පාලන මැතිවරණවලදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ජයග‍්‍රහණය කිරීමේ වගකීම තමන් ස්ථිරවම ඉටු කරන බවද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ඉදිරි මැතිවරණ සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තරග කරන්නේ එහි ඓතිහාසික ලාංඡනය වන අත ලකුණෙන් බවත්, සියලූම ප‍්‍රගතිශීලි බලවේග පක්ෂය වටා ඒකරාශි කර ගනිමින් පක්ෂය ජයග‍්‍රහණය කරා මෙහෙයවන බවත් කියා සිටියේය.