FAST NEWS

24×7 Around the Globe

ජාතික ආහාර සුරක්ෂිතතා සතිය හෙටින් ආරම්භ වේ.

 

ජාතික ආහාර සුරක්ෂිතතා සතිය හෙට(28) සිට ආරම්භ වේ.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි ආහාර සුරක්ෂිතතා සතිය හෙට(28) සිට ලබන මස 03 වැනිදා දක්වා ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

බෝ නොවන රෝග වැළඳීමට ආහාර පාන සෘජුව බලපාන බැවින් ආහාර පනත යටතේ පනවා ඇති රෙගුලාසි උපයෝගි කර ගනිමින් ආහාර බාල කිරීම හා දුහනයවීම පිළිබඳ මෙම සතිය තුළ වැඩි අවධානයක් යොමු කරනු ලැබේ.

ඒ අනුව ආහාර පාන සකස් කරන හෝටල්, බේකරි, සහ දුරගමන් බස් රථ නැවතුම් ස්ථානවල පිහිටි ආපනශාලා මෙහිදී විශේෂ පරික්ෂාවකට ලක් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

එමෙන්ම පැණි බීම සඳහා වූ වර්ණ සංකේත යෙදීමේ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කරන අතර  එම නීති කඩකරන වෙළඳුන්ට සහ නිෂ්පාදකයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග  ගන්නා බව ද එම අමාත්‍යාංශය සඳහන් කළේය.