FAST NEWS

24×7 Around the Globe

හිටපු කියුබා ජනාධිපති ෆිදෙල් කස්ත්‍රෝ අභාවප්‍රාප්ත වෙයි…

ලෝක දේශපාලනයේ කොමියුනිස්ට් ක්‍රියාකාරිකයෙකු හා කියුබාවේ සදාතනික නායකයා වශයෙන් ජනතා ආදරයට පාත්‍ර වූ හිටපු කියුබානු ජනාධිපති ෆිදෙල් කස්ත්‍රෝ ඊයේ 25 රාත්‍රීයේ අභාවප්‍රාප්ත වු බව  කියුබානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

කියුබානු සමාජවාදී ආණ්ඩුවේ පළමු නායකයා වන කැස්ත්‍රෝ ඇමරිකානු පාලනයෙන් සිය රට මුදවා ගැනීම සඳහා එවකට පාලක බැටිස්ටාට එරෙහිව ක්‍රියා කළේ ය.

සුප්‍රකට දේශපාලන චරිතයක් වන චේ ගුවේරා සිය සමීප මිතුරා වශයෙන් ඇසුරු කළ කැස්ත්‍රෝ චේ සහ සිය සොහොයුරා වන රාවුල් කැස්ත්‍රෝ හා එක්ව ඓතිහාසික කියුබානු විප්ලවයට දායක වූ පුරෝගාමියකු වූයේ ය.

සිය ජීවිතයේ අවසාන වරට කැස්ත්‍රෝ ජනතාව ඇමතුවේ කියුබානු කොමියුනිස්ට් පක්ෂ සමුළුවේදී ය.

එහිදී ඔහු සිය ජීවිතයේ අවසන් වරට ජනතාව අමතන දිනය එය වන බව කැස්ත්‍රෝ ජනතාව හමුවේ ප්‍රකාශ කළේ සමස්ත රට හා ලෝකවාසී ප්‍රජාවද හැඟීම්බර කරවමිනි.