FAST NEWS

24×7 Around the Globe

මහින්දට අගමැති අපේක්ෂකකම නෑ – මෛත්‍රීගේ ස්ථාවරය කියයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සන්ධානයේ අගමැති අපේක්ෂකකම හෝ කණ්ඩායමක් නායකත්වය නොදීමට ගත් තීරණයේ වෙනසක් නැතැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති අද එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂ නායක රැස්වීමේ දී අවධාරණය කළ බව දේශපාලන ආරංචි කියයි.

ඒ අනුව වෙනම පක්ෂයකින් හිටපු ජනපති ප්‍රමුඛ කණ්ඩායම ඉදිරිපත් වීම ස්ථිර බව ද එම ආරංචි සඳහන් කරයි.

වෙන ලැයිස්තුවකින් ඉදිරිපත් වීම සඳහා පක්ෂ තුනක නම් සාකච්ඡා වන බවත්, එහි අවසන් තීරණය හිටපු ජනපති ගනු ඇති බවත් දැනගන්නට ඇත.