FAST NEWS

24×7 Around the Globe

පළාත් 04 කට මීහිදුම් තත්වයක් සමග75 mm වඩා තද වැසි..

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නැගෙනහිර කොටසට තරමක් දුරට වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

එසේම ඌව පළාතේ හා හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති ‍විය හැකි බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැකි බවත අද (25දා) මධ්‍යාහ්න 12.00ට නිකුත් කළ නිවේදනයේ වෙයි.

විශේෂයෙන් නැගෙනහිර, ඌව, සබරගමුව, සහ දකුණු පළාත්වල තරමක් තද වැසිද (75mm ට වැඩි) බලාපොරොත්තු විය හැකි බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සමහර ප්‍රදේශ වලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්වයක් අපේක්ෂා කල හැකි බවත් එහ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.