FAST NEWS

24×7 Around the Globe

බැසිල් රාජපක්ෂගේ සෞඛ්‍ය පිළිබඳ අධිකරණය වාර්තාවක් ඉල්ලයි..

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (25) නියෝග කළේය.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා  විදෙස් ගතවීමට අවසර ලබා දෙන ලෙස බැසිල් රාජපක්ෂ මහතා සිදු කළ ඉල්ලීම අද(25) සලකා බැලූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණය මෙම නියෝගය ලබා දුන්නේය.