FAST NEWS

24×7 Around the Globe

ශෂී වීරවංශට එරෙහි නඩුව විභාගයට දින දෙයි…

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුව පෙබරවාරී 08 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දින නියම කළේය.

අදාළ නඩුව අද(25) කැඳවූ අවස්ථාවේ මෙසේ නියෝග කළ අතර ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගත් බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශෂී වීරවංශ මහත්මියට එරෙහිව එම නඩුව පවරා තිබේ.

සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන්  අද (25) ඉල්ලා සිටි අතර  එ අනුව සාක්ෂිකරුවන්ට පෙබරවාරී 08 වැනි දින පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත්  අධිකරණය සිතාසි නිකුත් කළේය.