FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ඛනිජ වැලි සමාගම පෞද්ගලික අංශයට විකුණන්නේ නැතැයි ඇමති රිෂාඩ් කියයි..

රජය සතු  ශ්‍රී ලංකා ඛනිජ වැලි සමාගම, පෞද්ගලික අංශයට විකුණා දැමීමට රජය තීරණය කර නැතැයි කර්මාන්ත හා වනිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ ප්‍රධාන සංවිධානයක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් ස්ථාවර නියෝග 23(2) යටතේ ඛනිජ වැලි සංස්ථාව විකුණා දැමීමට කටයුතු කරන්නේ දැයි විමසූ පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

පැනයට තවදුරටත් පිළිතුරු දුන් අමාත්‍යවරයා සඳහන් කළේ, විකුණා දැමීමේ තීරණයක් ගෙන නොමැති බවත් රජයේ අයිතිය අතහැර දැමීමේ තීරණයක් ද ගෙන නොමැති බවද ප්‍රකාශ කළේ ය.