FAST NEWS

24×7 Around the Globe

ලංකා ඊ – නිව්ස් කර්තෘ අත්අඩංගුවට ගන්නැයි ඉන්ටපොල් වරෙන්තු….

ලංකා ඊ – නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ සදරුවන් සේනාධීර අත්අඩංගුවට ගන්නැයි ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද (25) ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ඉන්ටපෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසිය හරහා මෙලෙස ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කෙරුණී.

රිවිර කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවෙකු වූ ප්‍රේම් ආනන්ද උදලාගමගේ ඡායාරූපයක් ඔහු හදුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට පෙර පළ කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බව අධිකරණය ප්‍රකාශ කළේය.