පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කිරීමට යෝජිත විද්යුත් හැඳුනුම්පත් මුද්‍රණය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදී ඉදිරිපත්ව තිබෙන අවම මිල ගණන වන රුපියල් 40 ට නොදී එය සකස් කිරීමට රුපියල් 80 ක් බැගින් මිල ගණන් ඉදිරිපත් කළ ආයතනයකට ටෙන්ඩර් ප්‍රදානය කරන ලෙසට දේශපාලනඥයෙකුගෙන් එල්ලවී ඇති බලපෑම් හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇති බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‌ෂ කීර්ති තෙන්නකෝන් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ මෙසේද සඳහන්ය.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවේ සහ අමාත්‍යංශයේ නිලධාරින්ගෙන් සැදුම්ලත් ප්‍රසම්පාදන කමිටුවක් මඟින් අදාළ ටෙන්ඩර් මිල ගණන් පිළිබඳ විමසීම් සිදුකරමින් සිටින අතර එම හැඳුනුම්පත් සඳහා ලැබී ඇති අවම ටෙන්ඩරය රුපියල් 40 කි. නමුත් එම ටෙන්ඩරය අනුව රුපියල් 80 මිල සඳහන්වූ අයදුම්පතක් සඳහා ලබාදෙන දේශපාලන බලපෑම් එල්ල වී ඇත.
ඒ සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ආර්. එම්. එස්. සරත් කුමාර මහතා දැඩි ලෙස සිය විරෝධය පළ කර ඇත.
මෙම ගැටුමේ ප්‍රථිඑලයක් ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වරයා ලෙස ආගමන විගමන අතිරේක පාලක ලියාන් ගුණතිලක මහතාගේ නම නිර්දේශ කරමින් කැබිනට් පත්‍රිකාවක් රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු කර ඇති බවද වාර්තා වෙයි.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පසුගිය සමයේ කැෆේ, පැෆරල් හා සී එම් ඊ වී ඇතුළු මැතිවරණ නිරීක්‌ෂණ සංවිධාන සමග එක් වී හැඳුනුම්පත් නොමැති පුද්ගලයින් වෙත සහන සැලසීමේ පුළුල් ව්‍යාපාරයක නිරත විය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.