FAST NEWS

24×7 Around the Globe

දෙසැම්බර් පළමුවැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට බස් වර්ජනයක්…

රථ වාහන වැරදි කීපයක් සඳහා රු.25,000ක් දක්වා දඩ මුදල් ඉහළ නැංවීම හා අවම දඩ මුදල රු.2500ක් කිරීමට එරෙහිව දෙසැම්බර් 1 වන දින මධ්‍යම රාත්‍රීයේ සිට බස් වර්ජනයක් දියත් කරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර අද(24) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

තම සංගමය ඇතුළු තවත් සංවිධාන 29ක් මෙම වර්ජනයට එක්වන බවත්,අත්තනෝමතික ලෙස දඩ මුදල් ඉහළ නැංවීම තුළින් ගැටළු රැසක් පැන නැඟී ඇති බවත් මහතා සාභාපතිවරයා සඳහන් කළේය.

එසේම පුද්ගලික බස් රථ පමණක් නොව පාසල් සිසුන් ප්‍රවාහනය කරන වෑන් රථ,ත්‍රී රෝද රථ,කන්ටේනර් රථ පවා මෙම වර්ජනයට එක්වීමට නියමීත බවද හෙතෙම පැවසීය.

වර්ජනයට පෙරාතුව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට විසඳුමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත්,ජනාධිපතිවරයා විසින් සාකච්ඡාවක් ලබා නොදුනහොත් අනිවාර්යෙන්ම වර්ජනය ක්‍රියාත්මක කරන බවත් ඔහු අවධාරණය කළේය.