දිලිත් ජයවීර, වරුණි අමුණුගම සහ විනිමය සුරැකුම්පත් කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා යන පුද්ගලයින්ගේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පිළිබඳව පරීක්ෂණ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර දුන්නේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව එම අවසරය ලැබුණු බව ය.
පසුගිය සමයේ කොටස් වෙළෙඳපොළේ කෘත්‍රිමව මිල ඉහළ පහළ දැමීම, අභ්‍යන්තර ගනුදෙනු, පෙර විකිණුම් හා පෙර ගැනුම් ඇතුළු අක්‍රමිකතා සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලට අදාළව කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය මෙම අවසරය ඉල්ලා තිබේ.







