FAST NEWS

24×7 Around the Globe

දුම්රිය ගාස්තු ඉහළ යයි ! – නිර්දේශ ඉදිරිපත් කෙරේ…

දුම්රිය සේවය පවත්වාගෙන යෑම සඳහා දැරීමට සිදුවන වියදම් අධිකවීම නිසා දුම්රිය ගාස්තු සියයට 10-15ත් අතර ප්‍රමාණයකින් වැඩිවිය යුතු යැයි දුම්රිය උපදේශක සභාව ප්‍රවාහන අමාත්‍යවරයා වෙත නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

පසුගිය වසර 5 තුළ බස් ගාස්තු දෙවරක් වැඩි වුවද ඊට සමගාමීව දුම්රිය ගාස්තුවල වැඩිවීමක් සිදුනොවීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවන පාඩුව වාර්ෂිකව ඉහළ යන බවද එම නිර්දේශවල සඳහන් වන බවද පැවසේ.

මෙරට ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ අඩුම ගාස්තුව අය කරන්නේ දුම්රිය සේවය බැවින්ද එම නිසා දුම්රියෙන් ගමන් කිරීමට යොමුවී සිටින ලක්‍ෂ ගණනක් දුම්රිය මගීන්ගේ අවශ්‍යතා සැලසීම පිණිස මෙසේ අවම ප්‍රමාණයකින් දුම්රිය ගාස්තු වැඩිකිරීමේ අවශ්‍යතාව මෙම නිර්දේශ මඟින් පෙන්වාදී ඇති බවත් වාර්තා වේ.

කෙසේ වුවද මෙතෙක් ප්‍රවාහන ඇමැතිවරයා ඒ පිළිබඳ තීරණයකට එළැඹ නැති බව ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි..