මරදාන හරහා ධාවනය වන මාර්ග අංක කිහිපයක බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ මගීන් පා පුවරුවේ ගමන් කිරීම නිසා එහි රියදුරුට පොලිසිය නියම කළ දඩයක් හේතුවෙන් මෙම වර්ජනය කි්රයාත්මක වන බවයි.
ඒ අනුව මාර්ග අංක 176, 103 සහ 144 බස් රථ මෙලෙස වර්ජනයේ නිරත වන බව ගැමුණු විජේරත්න මහතා සඳහන් කළා.







