FAST NEWS

24×7 Around the Globe

උත්සව සමයේ අමෙරිකාව හා යුරෝපයට ත්‍රස්ත්‍ර අවදානමක්…

එලඹේන උත්සව සමයේ ඇමෙරිකාව සහ යුරෝපීය රටවල ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාර එල්ලවීමේ අවදානමක් පිළිබඳව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කර සිටියි.

ඒ අනුව, මෙවැනි ප්‍රහාර වැළැක්වීම සඳහාත්, ප්‍රහාරයකදී ක්ෂණිකව මුහුණදීම සඳහාත් විශේෂ කාර්ය සාධන සැලැස්මක් සූදානම් කර ඇති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය, අල්-කයිඩා ත්‍රස්ත සංවිධානය හා ඔවුන් හා බැඳුණු ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් වෙතින් යුරෝපය වෙත ප්‍රහාර එල්ල කිරීමේ සැලසුම් පිළිබඳ විශ්වාසකටයුතු බුද්ධි තොරතුරු ලැබී ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ඒ අනුව, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් එරට ජනතාවට වැඩිදුරටත් සිහිපත් කරන්නේ පසුගිය වසරේදී බෙල්ජියම, ප්‍රංශය, ජර්මනිය හා තුර්කිය යන යුරෝපීය රටවල අන්තවාදී ප්‍රහාර සිදුවූ බැවින්, යුරෝපය පුරා තවත් එවැනි ප්‍රහාර පිළිබඳ ඉහළ නැඹුරුතාවක් පවතින බවයි.