FAST NEWS

24×7 Around the Globe

අවසන් තරගයට ශ්‍රී ලංකාවට පාර කපන කොදෙව් තරගය අද…

තුන්කොන් තරගාවලියේ පස්වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් පිල අතර දෙවැනි වටයේ තරගය අද (23) සිම්බාබ්වේහි බුලවායෝහිදී පැවැත්වීමට නියමිතය.

සඳුදා පැවැති ශ්‍රී ලංකා-සිම්බාබ්වේ තරගය වර්ෂාවෙන් අතරමග නතර කිරීම නිසා දෙපිලටම ලකුණු 2 බැගින් හිමිවිය.

මේ සමග 27දා පැවැත්වෙන අවසන් තරගය සඳහා සිම්බාබ්වේ පිලට ඇති ඉඩකඩ අවම වී ඇත.

මේ වනවිට කොදෙව් පිල හා ශ්‍රී ලංකා පිල ලකුණු 7 බැගින් ලබා ඇති අතර, ශ්‍රී ලංකා පිලට වඩා දළ ලකුණු ලැබිමේ වේගය ඇතත් කොදෙව් පිල ඉදිරියෙන් සිටී.

කෙසේ වුවත් කොදෙව් පිල සමග සිම්බාබ්වේ පිල අවසන් තරගයට ඒම සඳහා අද ශ්‍රී ලංකා පිල කොදෙව් පිල වෙතින් පරාජය වීමත්, කොදෙව්-සිම්බාබ්වේ තරගයේදී සිම්බාබ්වේ පිල ජය ලැබිමත් විය යුතුය.

කොදෙව් පිල මේ වනවිට තරගාවලියේ අපරාජිතව සිටින අතර, සිම්බාබ්වේ පිල සමග පැවැති තරගය ලකුණු සම වීමෙන් කෙළවර විය.

කෙසේ වුවත් සිම්බාබ්වේ ආරංචි මාර්ග අනුව කාලගුණය අද තරගයට නැවත බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.