FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති චීනය බලා පිටත්ව යයි…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චීනයේ ආරාධනයක් අද (23) චීනය බලා පිටත්ව ගියේය.

අද(23) උදෑසන 7.15ට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 882 දරණ යානයෙන් හිටපු ජනාධිපතිවරයා චීනයේ ග්වෑන්ෂෝ බලා පිටත්ව ගිය බව වාර්තා වේ.

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ චීනය බලා පිටත්ව ගොස් ඇති බවද වාර්තා වේ.