FAST NEWS

24×7 Around the Globe

ආගමික සහ ජාතික සංහිදියාවට බාධා මැඩළීමට පොලිසීයෙන් විශේෂ ඒකකයක්…

මෙරට ආගමික සහ ජාතික සංහිදියාවට බාධා වන අන්දමේ ප්‍රකාශ සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබේ.

ඊයේ (21) දින සිට ස්ථාපිත කර ඇති මෙම ඒකකයේ ප්‍රධානම කාර්යය වන්නේ සංහිදියාවට බාධා වන වෛරී ප්‍රකාශ සිදුකරමින් මහජන කැළඹීම් ඇති කරන පුද්ගලයන් වහා අත්අඩංගුවට ගැනීමයි.

පොලිස් මූලස්ථානයේ අපරාධ අංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම ඒකකය පිහිටුවා ඇති අතර, පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණයෙන් මෙම ඒකකය ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.