FAST NEWS

24×7 Around the Globe

එළවළු අලෙවි කර ගත නොහැකිව ගොවීන් සහ වෙළෙදුන් දැඩි අපහසුතාවයක…

 

අලෙවි කිරීම සඳහා දිවයිනේ විවිධ පළාත් වලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන එන එළවළු තොග මේ දිනවල විකුණා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ගොවීන් මෙන්ම ගොවීන්ගෙන් එළවළු මිලදීගෙන දඹුල්ලට රැගෙන එන අතරමැදි වෙළෙන්ඳන්ද දැඩි අපහසුතාවයකට පත්ව සිටිති.

එළවළු තොග මිලදී ගැනීම සඳහා මේ දිනවල වෙළෙන්දන්ගේ පැමිණීම විශාල වශයෙන් අඩුවීම මේ තත්ත්වයට හේතුවී ඇති බව ගොවීන් පවසන අතර වෙළෙන්ඳන් පවසා ඇත්තේ මේ දිනවල වෙළෙඳපොළට ලැබෙන බොහෝ එළවළු කල් තියාගැනීමට නොහැකිව වර්ෂාවට හසුවී තිබීම නිසා වෙළෙදාම පාඩු තත්ත්වයකට ලක්ව ඇති බවයි.

තක්කාලි, ගෝවා , කැකිරි ,ආදී එළවළු කිලෝවක් ඇතැම් අවස්ථාවන් වලදී රු 5 සිට 15 දක්වා මිලයකට හෝ අලෙවි නොවන බව ගොවීන් පවසති.

වම්බටු ,මෑ කරල් ,දඹල , නෝකෝල් ,බෝංචි ,ලීස් ආදී එළවළු කිලෝවක් සඳහා රු 20 සිට 45 දක්වා මිලක් ඇති බවත් ඔවුන් පෙන්වා දෙති.