FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති හැර සුසිල් හා අනුරගේ නම් ලංගම නඩුවෙන් ඉවත් කෙරේ…

පසුගිය මැතිවරණ සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන්   කුලී පදනම මත ලබාගත්  බස් රථවලට ගාස්තු නොගෙවමින් රුපියල් කෝටි 14.25ක්  වංචා කළැයි  මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් කොළඹ වාණිජ මහාධිකරණයේ  ගොනු කෙරුණු නඩුව අද (22)  කැඳවිණි.

මීට පෙර හිටපු ජනපතිවරයාට අමතරව සන්ධානයේ හිටපු ලේකම් සුසිල් ප්‍රේමජයන්ත සහ ශ්‍රී ලනිපයේ හිටපු ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා ද  මෙම නඩුවට වගඋත්තරකරුවෝ කරනු ලැබ සිටියහ.

කෙසේ වෙතත් සංශෝධිත පැමිණිල්ලක් මගින් සුසිල් ප්‍රේමජයන්ත හා අනුර ප්‍රියදර්ශන යාපාගේ නම් නඩුවෙන් ඉවත් කර තිබිණි.

අදාළ සංශෝධිත පැමිණිල්ල සම්බන්ධ විරෝධතා ගොනු කිරිමට අවශ්‍ය යැයි  හිටපු ජනපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ඉල්ලා සිටි අතර ඒ අනුව විරෝධතා ගොනු කිරීමට නඩුව ජනවාරි 26 වැනි දා  යළි කැඳවීමට කොළඹ වාණිජ මහාධිකරණ නියෝග කළේය.