FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ඇමරිකා යෑමට ඉල්ලයි..

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇමරිකාවට යාමට දෙසැම්බර් 10 වැනි දා සිට මාර්තු 02 වැනි දා දක්වා අවසර ඉල්ලා අද (22) මහාධිකරණය වෙත ඉල්ලීමක් කළේය.

මෙ සම්බන්ධයෙන් නිීතිපති  විරෝධතා නොවැම්බර් 25 වැනි දා දින ගොනු කිරිම සඳහා අධිකරණය නියෝග කළේය.

පසුගිය ජනපතිවරණ සමයේ රජයේ මුදල් වැය කර රුපියල් තුන් කෝටි හැටතුන් ලක්ෂයක පයිප්ප ඡන්ද වැඩට යොදා ගැනීම සම්බන්ධව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂට එරෙහිව නඩු පවරා ඇත.