FAST NEWS

24×7 Around the Globe

FCID ය ස්ථාපිත කළ කැබිනට් අනු කමීටුව අහෝසි කරයි ?

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) ස්ථාපිත කළ කැබිනට් අනු කමිටුව අහෝසි කරන බව ඊයේ (21) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ එම කැබිනට් අනු කමිටුව වසරක සිට රැස්ව නොමැති බැවින් දූෂණ පැමිණිලි ලේකම් කාර්යාලය හැර, අනු කමිටුව අහෝසි කිරීමට කටයුතු කරන බවයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

එහිදී අදහස් දැක්වූ රඹුක්වැල්ල මහතා කියාසිටියේ කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව කැබිනට් අනු කමිටුවක් පිහිටු වූ බවත්, ඒ හරහා පිහිටු වූ මූල්‍ය අපරාධ කොට්ඨාසයට උපදෙස් ලබාදෙන්නේ අග්‍රාමාත්‍යවරයා බවත්ය.