FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට..

පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පළාත් සභාව හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව සොයා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව පසුගියදා රැස්වී මේ පිළිබඳව දිර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්ය.

මෙම සාකච්ඡාව සඳහා මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටි බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය පැවසුවේය.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ඉදිරිපත් කරන ලද තාක්ෂණික හා ප්‍රතිපත්තිමය කරුණු පිළිබදව අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

එමෙන්ම මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ සහ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ගත යුතු ප්‍රතිපත්තිමය තීරණ පිළිබද අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් නිරීක්ෂණ හා නිර්දේශ ද ඉදිරිපත් කළ බව  පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේය.