FAST NEWS

24×7 Around the Globe

මොළේ උණ වසංගත තත්ත්වයක් වාර්තා වී නෑ…

ජැපනීස් එන්සෙෆලයිටීස් හෙවත් මොළේ උණ වසංගත තත්ත්වයක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ අද (21) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල  මහතා පැවසීය.

මොළේ උණ රෝගය ඇති කළ හැකි කුඩා මදුරුවෙකු කොළඹ නගරය තුළ සැරිසරන බවට මාධ්‍ය වාර්තා පළ වී ඇති නමුත් එවැනි තත්ත්වයක් මේ වන තෙක් වාර්තා වී නොමැති බව මහීපාල මහතා සඳහන් කළේය.

එම මදුරු වාහකයා පිළිබඳව කීට විද්‍යා පරීක්ෂණ ඒකකය මගින් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බව වෛද්‍යවරයා කියා සිටියේය.

මොළේ උණ රෝගය  මීට වසර 25කට පෙර අනුරාධපුරයෙන් වාර්තා වු අතර සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ එන්නත් වැඩසටහනකින් අනතුරුව එය තුරන් කිරීමට හැකිව ඇති බවද එ මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.