FAST NEWS

24×7 Around the Globe

විමල්ට එරෙහි ජවිපෙ නඩුවට මහාධිකරණය දින දෙයි…

‘නැත්ත වෙනුවට ඇත්ත’ කෘතිය පළ කිරීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් රුපියල් මිලියන 100ක් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් ගොනු කර ඇති නඩුව ලබන වසරේ මාර්තු මස 10 සහ 15 දිනයන්හි විභාග කිරීමට කොළඹ වානිජ මහාධිකරණය  අද (21) දින නියම කළේය.

විමල් වීරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව එවකට පැවති රජය සමඟ එක්වීමෙන් පසු බුද්ධිමය දේපල පනත උල්ලංඝනය කරමින් රචිත මෙම ‘නැත්ත වෙනුවට ඇත්ත’ කෘතිය මුද්‍රණය සහ බෙදාහැරීම වලක්වාලමින් මේ වනවිට නියෝගයක් ද නිකුත් කර ඇත.