FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාවේ මීළඟ රාජ්‍ය ලේකම් මීට් රොම්නි..

ඇමරිකාවේ මීළඟ රාජ්‍ය ලේකම් ධුරයට රිපබ්ලිකන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන මිට් රොම්නි පත්වනු ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි

නව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ මිට් රොම්නි අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක්ද පවත්වා ඇති  බව වාර්තා වේ.

එසේම රාජ්‍ය ලේකම් තනතුරට යෝජනා වී ඇති නම් අතර මිට් රොම්නිගේ නමද පවතින බව ඇමරිකානු උප ජනාධිපති මයික් ෆෙන්ස්ද මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

2012 වසරේ පැවති ජනාධිපතිවරණයට බැරැක් ඔබාමාගේ ප්‍රතිවාදියා ලෙස මිට් රොම්නි තරඟ කළ අතර, ඉන් ඔහු පරාජයට පත්විය.