කළුතර, වාද්දූව, අළුත්ගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට ද හෙට පෙරවරු 08.00 සිට රාත්‍රී 08.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
කළුතර, කෙත්හේන ජල පවිත්‍රගාරයේ විදුලි සැපයුම අත්හිටුවීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සඳහන්ය.
ඒ අනුව වාද්දූව, පොතුපිටිය, වස්කඩුව, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද බෙන්තොට, පයාගල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, අළුත්ගම, දර්ගානගරය, බෝම්ඹුවල, පිලමිනාවත්ත යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
එසේම කඩවත, කෙරවලපිටිය අධිවේගී මාර්ගයට ජලනල මාර්ගය සම්බන්ධ කිරීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට හෙට(22) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.
හෙට පෙරවරු 10.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 12.00ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.
ඒ අනුව මාටාගොඩ, කෙරවලපිටිය, දික්ඕවිට, ඇළපාර සහ කෙරවලපිටිය කර්මාන්ත පුරය, උස්වැටකෙයියාව, බෝපිටිය, පමුණුගම, පුබුදුගම සහ දැලතුර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.