FAST NEWS

24×7 Around the Globe

2017 කැඳවන ආයතන ගැන ලැයිස්තුව සැකසීමට කොප් කමීටුව රැස් වෙයි..

ලබන 2017 වසරේදී කැඳවිය යුතු කෝප් කමිටුව යටතට ගැනෙන ආයතන පිළිබඳ ලැයිස්තුව සකස් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) අද (21දා) රැස්වීමට නියමිතය.

කෝප් කමිටුවේ සභාපති ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වන මේ කමිටුවේදී 2017 වසරේදී කෝප් කමිටුවට කැඳවිය යුතු ආයතන පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

2016 වසරේදී කෝප් කමිටුව හමුවට ගෙන එන ලද ආයතන සංඛ්‍යාව 41කි.

බැඳුම්කර මිලදී ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවද 2016 වර්ෂයේදී කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණු රාජ්‍ය ආයතනයකි.

එම ආයතන 41න් ආයතන 20කට අදාළ කෝප් කමිටුවේ වාර්තාව මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.