FAST NEWS

24×7 Around the Globe

අපරාධ නීති සංග්‍රහයේ නව පරිච්ඡේදය යළි සංශෝධනය කරයි ?

අපරාධයක් සිදුකළැයි යම් කිසි චූදිතයෙකු අත්අඩංගුවට ගත් පසු නීතිමය උපදෙස් ලබා ගැනීම සම්බන්ධයෙන් අපරාධ නීති සංග්‍රහයට මෑතකදී එක් කළ නව පරිච්ඡේදය යළි සංශෝධනය කිරීම සඳහා ඉදිරියේදී යෝජනා ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

යම් කිසි චූදිතයෙකුට නීති උපදෙස් ලබා ගත හැකි වන්නේ ඔහු අත්අඩංගුවට ගත් පසුව පමණක් බවට පසුගියදා අපරාධ නීති සංග්‍රහයට නව පරිච්ඡේදයක් එක් කර තිබුණි.

ඊට නීතිඥ සංගමය සහ මානව හිමිකම් කොමිසම විරෝධය පළ කර  ඇති අතර ඒ පිළිබඳ ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයා දැනුවත් කිරීමට ද කටයුතු කර ඇති බව සඳහන්ය.

ඒ අනුව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවකදී අපරාධ නීති සංග්‍රහයේ අදාළ නව පරිච්ඡේදය සංශෝධනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබාදුන් බව නීතිඥ සංගමයේ සභාපති ජෙෆ්රි අලගරත්නම් මහතා මාධ්‍ය වෙත කියා සිටියේය.