FAST NEWS

24×7 Around the Globe

අකාර්යක්ෂම රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඉවත් කිරීමට තීරණය කෙරේ…

වත්මන් රජයේ සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී අකාර්යක්ෂමව කටයුතු කරන අමාත්‍යංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඉදිරි වසර 03ක කාලය ඇතුළත රජය සීඝ්‍ර සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර බවත් එම කටයුතු සිදු කිරීමේදී සංස්ථාපිත මණ්ඩල, දෙපාර්තමේන්තුවල සිටින ඇතැම් නිලධාරීන් ඉතා අකාර්යක්ෂම බවට තොරතුරු ලැබී ඇති බවත් රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව මේ මොහොත වන විටත් අකාර්යක්ෂමව කටයුතු කරන නිලධාරීන් කිහිපදෙනෙකු ඉන් ඉවත් කිරීමට රජය පියවර ගෙන ඇති බව එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කර සිටී.

මෙවැනි නිලධාරීන් රජයේ ඉදිරි සංවර්ධන වැඩකටයුතුවලට බාධාවක් බව ද රජය පෙන්වා දෙයි.

ඒ අනුව මෙම නිලධාරීන් ඉවත් කර ඒ වෙනුවට වෙනත් නිලධාරීන් පත් කිරීමට සැලසුම් කර ඇති අතර එලෙස ඉවත් කරනු ලබන නිලධාරීන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සංචිතයට කැඳවනු ලබන බව ද වාර්තා වේ.