FAST NEWS

24×7 Around the Globe

අයවැයෙන් යෝඡීත දඩ මුදල් සංශෝධනය සම්බන්ධ අවසන් සාකච්ඡාව අද…

2017 අයවැය යෝජනාවලියෙන් ඉදිරිපත්ව ඇති මාර්ග නීති සම්බන්ධ  දඩ මුදල් සංශෝධනය පිළිබඳ තීරණාත්මක අවසන් සාකච්ඡාව මුදල් අමාත්‍ය රවි කරුණානායක, ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (21) දහවල් 1.00ට මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමීත වේ.

මේ සඳහා රථවාහන භාර නියෝජ්‍ය ‍පොලිස්පති, බස් සංගම් නියෝජිතයන්, ත්‍රිරෝද රථ සහ පාසල් වෑන් රථ සංගම් නියෝජිතයන්, අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ සඳුදා (21) පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව දඩ මුදල් සංශෝධනය සම්බන්ධයෙන් බස් සංගම්වල ස්ථාවරය ප්‍රකාශයට පත්කරන බවයි.

අයවැය යෝජනාවලියෙන් සිදුවන දඩමුදල් සංශෝධනයට අවම දඩ මුදල රුපියල් 2500ක් කිරීමට විරෝධය පළ කරමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක බස් රථ වර්ජන ක්‍රියාත්මක කර තිබුණි.