FAST NEWS

24×7 Around the Globe

ප්‍රවීණ රංගන ශිල්පී විමල් කුමාරද කොස්තා අභාවප්‍රාප්ත වේ..

ප්‍රවීණ රංගන ශිල්පී විමල් කුමාරද කොස්තා මහතා අද (20) කළුබෝවිල රෝහලේදී අභාවප්‍රාප්ත විය.

ඒ මහතා මියයන විට 68 වන වියේ පසූවූ අතර ඔහු සිංහල සිනමාවේ නොමැකෙන මතක රැසක් සනිටුහන් කළ චරිතාංග නළුවෙකි.

අහස් ගව්ව , එයා දැන් ලොකු ලමයෙක් , බඹරු ඇවිත් , ඇර සොයිසා , සරුංගලය , මරුවා සමග වාසේ , සාගරිකා , ඔහු රඟපෑ චිත්‍රපට අතරින් රසික සිත් ඇද බැඳගත් චිත්‍රපට කිහිපයකි.