FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 162.6ක් දීමට IMF තීරණය කරයි..

ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරීත්වය පිළිබඳ ප්‍රථම ඇගයීම සම්පූර්ණ කර ඇති බැවින් ඒ අනුව තවත් ඩොලර් මිලියන 162.6ක් ශ්‍රී ලංකාව වෙත මුදා හැරීමට සිය විධායක මණ්ඩලය තීරණය කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමීන් ප්‍රකාශ කළේය.

එ අනුව මූල්‍ය අරමුදල මගින් වසර 03ක වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍යාධාරය මේ අනුව ඩොලර් මිලියන 325.1 ඉක්මවන බවද පැවසේ.

2017 වසර සඳහා වන මෙරට අයවැය මගින් රජයේ මූල්‍ය තත්ත්වය ශක්තිමත් කරලීමට පියවර ගෙන ඇති බව එම අරමුදලේ විධායක මණ්ඩලය නිවේදනය මගින් සඳහන් කරයි.