FAST NEWS

24×7 Around the Globe

කොළඹ – බදුල්ල මාර්ගයේ බස් අනතුරකින් 17 කට තුවාල…

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී අද (1() උදෑසන සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු පමණ තුවාල ලබා බලංගොඩ මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

ලංගම බස් රථයක් සහ ඇඟලූම් සේවකයින් ප්‍රවාහනය කරන බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම් අනතුර සිදුව තිබේ.

අනතුර හේතුවෙන් මාර්ගය අවහිර වී බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේ පැය තුනක පමණ කාලයක් දැඩි රථ වාහන තදබදයක් පැවති බව පොලීසය පැවසීය.